හැදින්වීම
හොදයි යාලුවනේ අපි අද බලමු ccna කියන network
course එකේ පලවෙනි පාඩම මොකක්ද කියල
ඒ තමා Exploring The Network කියන එක
අද අපේ ලෝකය තොරතුරු තාක්ෂණයේ ඉතාමත් ඉහලටම ගමන් කර ඇති යුගයේ අන්තර්ජාලය කියන දෙය හැම කෙනාටම වගේ අතවශ්‍ය වී තිබෙනවා,කුමක්ද කිව්වොත් සාමජිය වශයෙන්,දෙසපාලනමය වශයෙන් ආර්ථික වශයෙන් සහ පුද්ගලික යන කොටස් වලට බෙදී ඉතාමත් සීග්‍රයෙන් දියුණුවෙමින් නවුයකරණය වෙමින් අලුත් අලුත් දේවල් එකතුවෙමින් පවතිනවා,
ඒ තමා Exploring The Network කියන එක
අද අපේ ලෝකය තොරතුරු තාක්ෂණයේ ඉතාමත් ඉහලටම ගමන් කර ඇති යුගයේ අන්තර්ජාලය කියන දෙය හැම කෙනාටම වගේ අතවශ්‍ය වී තිබෙනවා,කුමක්ද කිව්වොත් සාමජිය වශයෙන්,දෙසපාලනමය වශයෙන් ආර්ථික වශයෙන් සහ පුද්ගලික යන කොටස් වලට බෙදී ඉතාමත් සීග්‍රයෙන් දියුණුවෙමින් නවුයකරණය වෙමින් අලුත් අලුත් දේවල් එකතුවෙමින් පවතිනවා,
අපි හැමෝම විවිද දේවල් මේ අන්තර්ජාලයෙන් හොයනවා
අලුත් අලුත් සොයාගැනීම් කරන කෙනා තමන්ගේ විවිද අදහස් එකින් එක සොයමින් තමන්ගේ
අලුත් දේවල් නිපදවන්න හදනවා,ඒවගේම developers ල
මෙය තවත් වැඩිදියුණු කරමින් අලුත් අලුත් අංග උපාංග සවි කරමින් network
capabilities වැඩි කරනවා එමගින් විවිද වූ capabilities වැඩි කරමින් network එකේ
සීමාවන් තවත් වැඩි කරනවා…
Globally Connected
Networking Today (අද වනවිට ජාලකරණය)
මිනිසාගේ ස්ථිර පැවැත්මට අත්‍යවශ්‍ය දේවල්
බොහොමයක් තියනවා ආහාර, ජලය, වාතය, නිවසක් පමණක් නොව එකිනෙකා සමග අදහස් හුවමාරුවද
අපිට ඉතාමත් වැදගත් දෙයක්
අපි සන්නිවේදනය සදහා යොදාගන්න විවිද උපක්‍රම
නිරන්තරයෙන් වෙනස්වීම්
වලට ලක්වෙනවා. අතීතයේ පටන් මිනිසා විවිද ආකාරයට තමන්ගේ සන්නිවේදන තාක්ෂනය
දියුණුකරගත් ආකාරය මේ උදාහරණයන් ඔයාලට පෙනෙයි. ආදී මානවයා විසු ගල් ලෙන් වල ඇති
චිත්‍ර, ඉරි කෑලි මගින් විවිද දෑ ගණනයන් කිරීම් ඉන් පසුව සංකේත මගින් අදහස්
හුවමාරුව පසුව එය භාෂාවක් ලෙස දියුණු කිරීම ඉන් පසුව බොහෝ පිරිසක් එක භාවිතා කිරීම
අපිට ගත හැක,ඉන්පසුව මෙයට විවිද තාක්ෂනය භාවිතයට පැමිණීමෙන් පසු tv radio වගේ දේවල් කරලියට පැමිණීමෙන් පසුව තව තවත් මෙය
දියුණුවන්නට විය,
මෙසේ නිර්මාණය සහ එකිනෙකට සම්බන්ධ වීම ශක්තිමත්
වෙන්නට පටන්ගත් පසු data network කියන දෙය සන්නිවේදනයට අදික වශයෙන් බලපෑම් කරන්නට ද
මෙමගින් සන්නිවේදනයේ නව වේදිකාවක් ද විවර වන්නට විය.
අද අපි මිට කලින් හිටියටත් වඩා මේ network
වල ප්‍රයෝජනය ගන්නවා කිව්වොත් නිවැරදි මොකද අපි
හැමෝම වගේ අදහස් ගන්නේ දාන්නේ එක එක්කෙනත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ අන්තර්ජාල සේවාවන් වල පිහිටෙනි.
එකට ඉතින් හොදම උදාහරණය තමා අපේ බුකිය, කියන්න ඕනි නැනේ කට්ටියට කරන දේවල්, චැට් කරනවා අනුන්ගේ ඕපදූප අහනවා බලනවා ඇයි කස්ටිය games සෙල්ලන් කරනවා, ඒ එකකටවත් අනිත් යාළුවා තමන් ලග ඉන්නම ඕනි කියල නැනේ මන් ඉන්නේ ලංකාවේ උනාට මට පුළුවන් ඇමෙරිකානු ජාතිකක් එක්ක උනත් කතා කරන්න අන්න ඒ වගේ අද වනවිට මුළු ලෝකයම ඉතාමත් පුංචි කරන්න මේ ජාලකරණයට හැකිවී තියෙනවා.
එකට ඉතින් හොදම උදාහරණය තමා අපේ බුකිය, කියන්න ඕනි නැනේ කට්ටියට කරන දේවල්, චැට් කරනවා අනුන්ගේ ඕපදූප අහනවා බලනවා ඇයි කස්ටිය games සෙල්ලන් කරනවා, ඒ එකකටවත් අනිත් යාළුවා තමන් ලග ඉන්නම ඕනි කියල නැනේ මන් ඉන්නේ ලංකාවේ උනාට මට පුළුවන් ඇමෙරිකානු ජාතිකක් එක්ක උනත් කතා කරන්න අන්න ඒ වගේ අද වනවිට මුළු ලෝකයම ඉතාමත් පුංචි කරන්න මේ ජාලකරණයට හැකිවී තියෙනවා.
Networking Today
මන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්.....
කොහොමද මේ ලෝකේ අන්තර්ජාලය කියන එක නැති උනොත්?
google නෑ youtube නෑ facebook නෑ online games ගහන්න නෑ film එකක් වත් බාගන්න විදිහක් නෑ... හම්මේ මතක් වෙද්දීත් නිකන් මොකක්ද වෙලා යනවා නේද,මතකද දන්නේ නෑ අර fb එක විනාඩි 20ක ට වැඩ කලේ නැති උනාම කොහොමද දැනිච්ච ආතල් එක, ඒ වගේම අන්තර්ජාලය නැත්තම් අපි තාමත් වැඩවසම් යුගයේ තමා , එත් මන් නම් කියන්නේ සමහරුන්ට නම් මෙහෙම උනොත් හුගක් ප්‍රයෝජනවත් වෙනවා අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කස්ටියටනම්,ඇයි ඉතින් ගොඩක් වෙලාවට fb එකේනේ
google නෑ youtube නෑ facebook නෑ online games ගහන්න නෑ film එකක් වත් බාගන්න විදිහක් නෑ... හම්මේ මතක් වෙද්දීත් නිකන් මොකක්ද වෙලා යනවා නේද,මතකද දන්නේ නෑ අර fb එක විනාඩි 20ක ට වැඩ කලේ නැති උනාම කොහොමද දැනිච්ච ආතල් එක, ඒ වගේම අන්තර්ජාලය නැත්තම් අපි තාමත් වැඩවසම් යුගයේ තමා , එත් මන් නම් කියන්නේ සමහරුන්ට නම් මෙහෙම උනොත් හුගක් ප්‍රයෝජනවත් වෙනවා අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කස්ටියටනම්,ඇයි ඉතින් ගොඩක් වෙලාවට fb එකේනේ
ජාලකරණයේ ඇති වාසි ගැන කතා කරනවනම් මේ මගින් අපිට
හැකි වී තියනවා දේශ සිමා භූගෝලීය පිහිටීම් සාමාජීය සිමා වගේ ඇති දුෂ්කර බාදක
ඉතාමත් පහසුවෙන් ජයගන්න,මන් මේ කියපු එක කොයිල් වගේනම් මේ උදාහරණය පොඩ්ඩක් බලන්නකෝ
දැන් හිතන්න ඉස්සර කාලේ කොල්ල කෙල්ලට ලියුමක් දෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනිද
කියල, එහෙන් නැන්දම්මා මාම (ඔන්න ඕව පුද්ගල සිමාවන් කියල ගන්න පුළුවන්) ඇයි
කෙල්ලගේ ගෙදර වෙන කොහෙවත් නම්(භූගෝලීය පිහිටීම්) ෆුල් අනාතයි හොයාගෙන ගිහින් ලියුම
දෙන්න වෙන්නේ සැහෙන කට්ටක් කාල,එහෙමත් ගිහිල්ල කොහොමද කෙල්ලගේ ගෙදර වටෙන් පනින්නේ?අන්න
එකනම් දේශසීමා වලට ගන්න පුලුවන්... දැන් නම් හොදට තේරෙන්න ඇති නේද, අන්න ඒ වගේ තමා
අන්තර්ජාලය මේ හැමදෙයක්ම වෙනස් කරලා තියෙන්නේ,දැන් නම් ඉතින් කට්ටිය 4න් නොම්බරේ
ගන්නවා ඊටපස්සේ බුකියෙන් ඊටපස්සේ skype... එකෙන්
මන් අර කලින් කිව්වා වගේ බාදක ජයගැනීමක් වගේ තමා හදුන්වන්න පුළුවන්,
ජාලකරණය සහ අන්තර්ජාලය අපේ මුළු ජිවිතයම වෙනස්
කරා කිව්වොත් වැරදි නැ මොකද අද අපි ඉගෙනගන්න විදිහ වැඩකරන විදිහ සෙල්ලන් කරන විදිහ
අදහස් ප්‍රකාශ කරන විදිහ ආදී සියලුම දේවල් මේ අන්තර්ජාලය නිසා වෙනස් වෙලා
අපි බලමු කොහොමද අපි ඉගෙනගන්න විදිහ වෙනස් උනේ කියලා
ඉස්සර නම් අපේ ටීචර් අපිට උගන්නන ඒවා ඔක්කොම පොතේ
ලියාගෙන ඇවිල්ල ඒකම පාඩම් කරන කාලයක් තිබ්බ නේද,එත් දැන්?අපිට ඕනි ඕනි දේවල් මේ
අන්තර්ජාලයෙන් කියවලා තේරුම් ගන්න පුලුවන් ඒවාට මේ වගේ බ්ලොග් සයිට්/videos/online class වගේ දේවල් තියනවා, ඉස්සරනම් ඔය physics
වල එහෙම තේරෙන්නේ නැති හුගක් දේවල් අපිට තේරුම්
ගන්න /තේරුම් කරන්න අපේ ගුරුවරුන්ට හැකි උනේ නෑ,එත් දැන්.. නෙට් එකෙන් බැලුවා
පින්තූර වීඩියෝ මගින් අපිට ඒවා කරන හැටි පෙන්නුවා,ගොඩක්ම practical වැඩ තමා,
මේ විදිහට නෙට්වර්ක් කියන දේ නිසා අපිට ගොඩක් දේවල් ලැබිල තිබෙනව....
මීලගට අපි බලමු කොහොමද අපේ සන්නිවේදනය වෙනස් උනේ
කියලා
මන් කලිනුත් කිව්වනේ අපි ඉස්සර ලියුම් දුන්නේ ලගට
යන්නම ඕනි කතා කරන්න ඒ වගේ අවුල් ගොඩක් තිබ්බනේ අපිට... J
එත් දැන්... යාළුවගේ ගේ ලගට ගිහින් බෙල් එක ගහන්නේ නැතුව msg එකක් දාල තමා ගේ
ඇතුලට උනත් යන්නේ... එච්චරකට අපි දියුණු වෙලා...
හරි මේ පාඩමේ තියනවා පොඩි පොඩි වචන වගයක් අපි බලමු ඒ මොනාද කියලා
Instant Messaging හෙවත් IM.(සිංහලෙන්ම
කිව්වොත් texting)
මේක ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕනි නැනේ
දෙන්නෙක් හරි ඊට වඩා දෙනෙක් හරි real time සම්බන්ද වෙලා තොරතුරු හුවමාරු කරනවා
කියන්නේ ඕකට හොදම උදාහරණයක් තමා Facebook messenger, watsapp එක
Social Media හෙවත් සමාජ ජාල
මේක ගැනත් මන් හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනි නෑ
කියල දන්නා තරමින් හැමෝම වගේ බුකියේ ඉන්නවනේ අනික හුග දෙනෙකුට acc 2ක් 3ක් තියනවනේ
නේද,ඒ අතින් අපි මේවගේ ඉහලටම ගිය මිනිස්සු J මේවගේ අරමුණ වන්නේ අපගේ යාළුවන් පවුලේ අය දන්නා
හදුනන අය සහ ලෝකයම අපිත් සමග සම්බන්දතාවයක් ගොඩනැගීමයි
Collaboration Tools හෙවත් සහකරණය
කරන මෙවලම්
එකපාරටම දැක්කම බයවෙන්න එපා මේකෙන් වෙන්නේ
පුද්ගයන් 2නෙක් ට හෝ වැඩි ගණනකට එකට වැඩ කිරීමට අවස්තාව සලසාදීමයි, තේරෙන සිංහලෙන්
කිව්වොත් අපේ PC එකේ shared documents වගේ
එක වෙලාවේදී දෙන්නෙක්නට වැඩ කරගන්න පුලුවන් pictures එහෙම share කරන්න පුලුවන්
netmeeting වගේ වීඩියෝ confarence තියන්න පුලුවන් තැන 2ක ඉදන් එකම වැඩේ කරගෙන යන්න
පුළුවන් වගේ මෙවැනි tools මගින් අපේ වැඩ පහසු කරගන්න පුලුවන්....
Weblogs හෙවත් බ්ලොග්
weblogs කියන්නේ ඉතින් බ්ලොග් වලටම තමා website
වල වගේ නැති උනත් තමන්ට පුලුවන් ලේසියෙන් පහසුවෙන් බ්ලොග් එකක් කරගෙන යන්න එකේ
තමන්ගේ අදහස් යෝජනා චෝදනා අධ්‍යාපනය විනෝදාත්මක වගේ දේවල් මෙයට දාන්න පුලුවන්
ලේසියෙන් පහසුවෙන්ම මෙහි ඇති විශේෂාංග ලෙස ලොකු තාක්ෂණික දැනුමක් අතවශ්‍ය නෑ තව මෙය
edit කිරීමට update කිරීමට ඉතාමත් පහසුයි
Wikis විකිස්
විකියක් කියන්නෙත් බ්ලොග් එක වගේම තමා,වෙනසක
තියෙන්නේ විකියේ පුලුවන් සෙට් එකකට එකතු වෙලා එඩිට් කරන්න update කරන්න,නමුත්
බ්ලොග් එකට එහෙම කරන්න බෑ තනි අයිතිකාරය විතරයි පුලුවන් මේකට හොදම උදාහරණය තමා
විකිපීඩියා... මොකද ඔයාලට මතකද දන්නේ නෑ ඉස්සර encarta කියල සොෆ්ට්වෙයා එකක්
තිබ්බා,එක අභාවයට යන්න ලොකුම හේතුව උනේ මේකයි,මෙකිදී පුලුවන් ඕනි කෙනෙක්ට එඩිට්
කරන්න update කරන්න ඉතින් මේක ඉතා විශාල වශයෙන් වැරදි නිවැරදි වෙලා හොද වැඩක් උනා මුළු ලෝකෙටම
Podcasting
අපි වැඩිය පාවිච්චි කරන්නේ නැති උනත් මේක 4න් වලට
නම් එනවා තාමත් මේකේ වෙන්නේ ඕඩියෝ files එනවා කට්ටියගේ අර තමන් බ්ලොග් එකක් ලිව්වා
වගේ එකෙන් වෙන්නේ සයිට් එකක තියන ඕඩියෝ file එකක් අපේ 4න් /pc එකට එන එකයි
Peer to Peer (P2P) File Sharing
හුගක් අයට නම් මේක කොයිල් වගේ ඇති මේකෙන් වෙන්නේ 2න්ක්
එකට files share කරනවා කියන එක සිංහලෙන්ම කිව්වොත් අපි දාගෙන ටොරන්ට් අදින්නේ ඒ මේ
තාක්ෂනය භාවිතා කරන එකයි වෙන්නේ... මේකෙදි වෙන්නේ කවුරු හරි server එකකින් බාගත්ත සින්දුවක් / ෆිල්ම් එකක් / software
එකක් තියනවා නම් එක පොඩි සොෆ්ට්වෙයා එකකින් කොපි
කරගන්නවා අනිත් එක්කෙනා, ඒ කියන්නේ මට ඕනි ෆිල්ම් එක වෙන කාගාව හරි තියනවනම් මන්
එක ඉල්ලගන්නවා වගේ වැඩක් වෙන්නේ
මීළගට අපි බලමු කොහොමද අපේ වැඩ ජාලකරණය නිසා
වෙනස් වූ ආකාරය
ව්‍යාපාරික ලෝකයේ සෑම දෙයක්ම පාහේ මේ ජාලකරණයට
ලක්වී අවසන් කිව්වොත් නිවැරදි මොකද කිව්වොත් business එකකට
financial information manage කරන්න, customer information තබාගැනීමට තව පඩි විස්තර පමණක් නොව mails, video conference , messaging, calls වගේ දේවලුත් මේ ජාලකරණය නිසා ලැබුණු ප්‍රතිපලයන්
තමා
දැන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ online නේද,මේ විදිහටම සේවකයන්ට training එකත් බොහෝ විට online කිරීමෙන් වෙලාව හුගක් ඉතුරු
කරගන්න පුලුවන්,මොකද ඉස්සර නම් ඔය එක එක එව්වා තියනකොට හැමෝම එකම තැනකට එන්න ඕනි
ගොඩක් වෙලාවට ඕව තියෙන්නේ කොළඹ එත් එතකොට රටේ අනිත් පළාත් වල හිටියත් එන්න වෙනවනේ
කොළඹ... සමහර විට lectures වලට වඩා ගමන් වෙලාව වැඩි වෙනවා,එතකොට කොච්චරනම්
පාඩුයිද එහෙම උනාම ගොඩක් අය අවෙත් නැනේ... එත් දැන් online video
conference නිසා ඒ දෙය ඉතාමත් සිම්පල් වෙලා තියනවා...
මීලගට
අපි බලමු කොහොමද අපි play කරන විදිහ වෙනස් උනේ කියලා (විනෝදාස්වාදය)
ඔයාල අපි හැමෝම දන්නවා ඉස්සර කලේනම් අපි රේඩියෝ
එකේ යන සින්දුවක් අහගෙන tv එකේ යන පිලුම් එකක් බලගේනනේ හිටියේ පොටෝ උනත් ගත්තේ
හොම්බ දිග කැමරා වලින්..
එත් දැන් ඒ සේරම වෙනස් වෙලා ඉස්සර රේඩියෝ එකේ
සින්දු අහපු අය අද 4න් වල සින්දු දාගෙන,tv එකේ ෆිල්ම් බලපු අය අද ලැප් එකේ
download කරගෙන බලනවා යන්න බැරි උනත් කොහේ හරි තැනකට google මැප් එකෙන් හරි බලනවා,
යන්න කලින් හරි අපි බලලානේ යන්නේ නේද... එහෙමත් නැත්තම් කලින් ගියපු ඩයල් එකකගේ
4න් එකේ පොටෝ ටික හරි බලනවා කොහොමද ගත්ත fun එක බලන්න
මිට අමතරව තියන වාසියක් කිව්වොත් දැන් හිතන්න අපිට
ඕනි ආදී කලේ සින්දුවක් කියලා, අපිට ඒක උනත් ගන්න පුළුවන්නේ නෙට් එකෙන් ඒ වගේම තමා ෆිල්ම්ස්
වගේ හැමදෙයක්ම හොයාගන්න පුළුවන් අපිට ඒ වගේම අපිට පුළුවන් ඒවා බාගන්නත්
Providing Resources in a Network
ජාලකරණය විවිධ ආකාරයෙන් පවතියි. ඒවා කුඩාම තැනින්
පටන් අරන් මිලියන ගානක් දක්වා විහිදෙයි. (අපිට ජාලය කියල කියන්න පුළුවන් වෙන්නේ pc
2ක් එකට connect කලාමනේ)
ඔයාලාගේ (සමහරුන්ගේ) නිවසේ තියෙන්නෙත් පොඩි
network එකක් මොකද උදාහරණයක් කිව්වොත් ඔයාගේ ලැප් එක pc එක
ටැබ් එක පොන් එක ඔක්කොම connect වෙලා තියෙන්නේ එකම router එකකට, pc එක wire එකෙන් connect උනාට ලැප් එකයි පොන් එකයි
නම් Wi-Fi හරහා තමා බොහෝවිට connect වෙන්නේ ඊටපස්සේ ඉතින්
ඒවගේ photo සින්දු ඔක්කොම එහාමෙහා යනවනේ නේද...
මේ වගේ තනි network අපි හඳුන්වනවා Home
office network සහ Small office network කියල
සාමන්යෙන් Home office සහ
Small Office network තියන අය බොහෝවිට කරන්නේ එයාලගේ products විකුණන
එකයි භාන්ඩ ගෙන්වන එකයි විවිද ව්‍යාපාරික වැඩවල නිරත වීමයි. මේවට ඉස්සර වගේ ලියුම්
යවන්න ටෙලිපොන් කෝල් ගන්න වගේ ගියොත් සිද්ද වෙන්නේ ව්‍යාපාරය අයිති කෙනාට වහන්න
තමා නමුත් අන්තර්ජාල සේවා නිසා කිසිදු අපහසුවකින් තොරව ලෝකේ කොහේ හිටියත් video
conference, calls mails යවන්න පුලුවන් නිසා මෙමගින් විශාල ප්‍රතිලාබ සැලසී
තිබෙනවා.
ව්‍යාපාර වල සහ විශාල සමාගම් වල Network වලට හම්බවෙන්නේ ඉතාමත් ඉහලම ස්ථානයක්, මෙම ව්‍යාපාර
වල විවසායකයින්ට අවස්තාව සලසා දී තියනවා ව්‍යාපාරයේ ඇති storage වලට access කිරීමට,
ඒවගේ දත්ත සහ තොරතුරු ලබාගැනීමට (යම් යම් රෙගුලාසි වලට අනුකුලව), mails යවන්න, instant
messaging (හරියට viber watsapp වගේ) සහ සේවකයන්ට සාමුහිකව වැඩකිරීමට අවස්තාව
ලබාගැනීමට. මිට අමතරව බොහොමයක් ව්‍යාපාර වලින් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයාට සම්බන්ධ
වී සිය අවශ්‍යතාවයන් සලසාගැනීමට අවස්තාව ලබාදී තිබේ.
ජාලකරණයේ විශාලතම ජාලය වන අන්තර්ජාලය මේ වගේ
විශාල වුත් කුඩා වුත් ව්‍යාපාරයන් ඇත...
ජාලයකට ඍජුව සම්බන්දවෙලා ඉන්න පරිගණක අපි හදුන්වනවා
Host හෝ End devices කියලා.
මෙයාලට පුළුවන් ජාලය අතර සන්නිවේදනය කරන්න ඒ වගේම මෙයාලට පුලුවන් client ,
server හෝ ඒ දෙකම උනත් එකපාරම කරන්න, එකට කරන්න තියෙන්නේ
කොහෙන් හරි සොෆ්ට්වෙයා කැල්ලක් බාගන්න එක තමා
ඔය host cilent Server
කියන ඒවා කොයිල් කොයිල් වගේනම් මේ ටික කියවන්න. අපි දැන් කඩේකට යනවා බදු ගන්න,
මුදලාලි ඉන්නවා අපි ඉතින් බදු ඉල්ලනවා ඌ දෙනවා ඒ වගේම අදහසක් තමා මෙ තියෙන්නෙත්,
අපි client උනාම අපි ඉල්ලන දේවල් Server එක දෙනවා අපි Server
එක උනාම client ඉල්ලන ඒවා දෙන්න ඕනි, තවත් තේරෙන්නේ නෑ වගේනම්
මායි මගේ යාළුවෙකුයි peer 2 peer network
එකක් ගහගෙන පිලුම් හුවමාරු කරගන්නවා උට ඕනි එක මන් දෙනකොට මන් Server මන් උගෙන් ගන්නකොට මන් client
Server එකක් උනාම එක එක services තමන්ගේ clients ලට
ලබාදෙනවා email,web,files mails වගේ ඒවාට වෙන වෙනම සොෆ්ට්වෙයා තියනවා දාන්න.
Client උනාමත් ඉතින් ඒ වගේම තමා සොෆ්ට්වෙයා ඕනි වැඩේට
හරියට නිකන් firefox දාගෙන අපි නෙට් යනවා වගේ.
Server එකක් උනාම clientsලා
ගොඩකට එකපාර service එක දෙන්න හැකියාව තියෙන්න ඕනි ඒ වගේම මන් අර
කලින් කිව්වා වගේ services ගොඩක් එකපාර ලබාදෙන්නත් හැකියාව තියෙන්න ඕනි, mail,
web, ftp වගේ එත් ලොකු ලොකු ව්‍යාපාර වලනම් ගොඩක් වෙලාවට
මේවා ගන්නේ එකකට නැත්තම් 2කකට පොඩි පොඩි ඒවා තමා ඔක්කොම එකේ දාගෙන කරන්නේ
Clients ලටනම් අය කියන්න ඕනි නැනේ නෙට් ඕනි mail ඕනි ඕව
නැත්තම් වාසල හමරයිනේ එකෙන්ම පේනවනේ clien කෙනෙක්ට
එක servise එකක් විතරක් නෙමේ ඕනි කියලා
මේ වගේ clientsල
ගොඩක් servers එහෙම එකට සම්බන්ද කරන්න අපිට ඕනි වෙනවා network
device හරියට switch , hub වගේ
කලින් කිව්වා වගේ clients ල servers ල
එකතුවෙලා පොඩි පොඩි lan හැදෙනවා ඒවා එකතුවෙලා wans හැදෙනවා ඊටපස්සේ ඒ
ඔක්කොම එකතු උන network එක අන්තර්ජාලය කියල කියන්න පුළුවන
ඕනෑම network එකක
ප්‍රධාන කොටස් 3ක් තියනවා ඒ තමා
- Devices,
- Media,
- Services කියන 3න
Media කිව්වම අයත් වෙන්නේ අපි connect වෙන්නේ මොන මාධ්‍යකින්ද කියන එක ඒ කියන්නේ wifi
වගේ wireless විදිහටද එහෙමත් නැත්තම් කේබල් වලින්ද කියලා
හරි දැන් devices ටිකත්
හරි ඒවා ඔක්කොම connect කරලත් තියෙන්නේ එත් කොහොමද අපි නෙට් යන්නේ? අන්න
එකට තමා services ඕනේ වෙන්නේ නෙට් යන්නනම් http service එක files videos download කරන්න ftp service එක
ඕනි..
මන් කලින් කිව්වනේ end devices ගැන, යම්කිසි සේවාවක් ලබාගන්න හෝ ලබා දෙන ඒවා තමා
මේ පහලින් ඇති උදාහරණ බලන්නකෝ
- Computers (workstations, laps, servers )
- Network printers
- VoIP phones
- Security Cameras
- Smart Phones, PDAs, TABs
ඒවා විතරක් තිබ්බට වැඩක් නැනේ net එකට connect වෙන්නත්
මොකක් හරි එකක් එපයි අන්න ඒවාට තමා කියන්නේ intermediary network device කියලා ඒවාට උදාහරණ ලෙස
- Switches,
- wireless access points,
- routers,
- firewalls ගන්න පුලුවන්.
මෙන්න මේවගෙන් තමා ඉතින් ගේම ගහන්නේ අපි දන්නේ
නැති උනාට, දැන් මෙහෙමනේ මේවා ඇවිල්ලා නිහඩ සේවයක් කරන අය කොහොමද කිව්වොත්
උදාහරණයක් විදිහට අපි ගමු රවුටරේ.. ඔන්න ඕකෙන් තමා අපිට නෙට් එකට යනකොට යන්න තියන
හොදම මාර්ගය දෙන්නේ එතකොට අපිව අන්තර්ජාලයෙන් එන අනවශ්‍ය පනිවිඩ හලලා ඕනි ඒවා
විතරක් දෙන්නේ සමහර අවස්ථා වල ip ලබා දෙන්නේ
මේකෙන් තමා,
ඔන්න බලන්නකෝ මේ intermediary devices වලින් ලබාදෙන එක එක සේවා ටිකක්
- අපිට එන data සිග්නල් අඩු උනොත් ඒවා නැවත වර්ධනය කරනවා, නැවත එවනවා
- අපිට අන්තර්ජාලයට යන්න පාර අවහිර වීම් වලින් වළක්වාගෙන හොදම පාර clear කරගෙන ඉන්නවා
- වෙන වෙන devices අවුල් ගැහුවොත් ඒවා අපිට දැනුම් දෙනවා
- හදිස්සියෙවත් නෙට් එකට යන්න තිබ්බ පාරට ඇණයක් හිට්ටෝත් වෙනත් පාරකින් කොහොම හරි යන්න සැලැස්වීම
- කොහොමද සේවාවල් වල ගුණාත්මක භාවය ගැන සැලසුමක් තිබීම සහ ඒවා නිසි ලෙස වෙනවද බැලීම
- දත්ත වලට ආරක්ෂාව සැපයීම වගේ දේවල් ගන්න පුළුවන්
හරි අපි ඊළගට බලමු මොනාද network එකේ උපාංග කියලා
ඔයාල දන්නවනේ ඉතින් පනිවිඩ හුවමාරුව වෙන්නේ
යම්කිසි මාධ්‍යක් තියෙන්න ඕනි කියලා ඉතින් මේ මාධ්‍යකින් වෙන්නේ යවන්නා සහ ලබන්නා
අතර මොකක් හරි ක්‍රමයක් සෙට් කරලා දෙනවා පනිවිඩය යවන්නට
දැන් කලේ නම් ප්‍රධාන මාධ්‍ය ආකාර 3ක් අපි භාවතයට
ගන්නවා මේ විදිහට එකිනෙකට සම්බන්ධ කරගන්න
- Metallic wires within cables
- Glass or Plastic fibers (fiber optic cable)
- Wireless transmission
ඔය එක එක මාධ්‍ය වලින් එක එක විදිහට තමා අපි දත්ත
සන්නිවේදන කටයුතු කරන්නේ ඒ කියන්නේ වයර් එකේ on off on off යන සිග්නල් එක fiber
කේබල් එකේ යන්නේ ආලෝක තරඟයක් විදිහට පාට වෙනස් කර කර හරි කලින් වගේ on off on off
වගේ එත් ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට wireless එකේදී යන්නේ
ඉතින් මේ විදිහට අපි දත්තයක් යවන්න තෝරාගන්න ඕනි
මාධ්‍ය සමහර දේවල් කරන්න හැකියාව තියෙන්න ඕනි මොකද හැම මාධ්‍යකම එකම විදිහ නැනේ
- ඒ ඒ මාධ්‍ය තුලින් යන සිග්නල් එකේ උපරිම දුර
- මේ මාධ්‍ය කොහෙද තියන්නේ අපි කොහෙද එක පාවිච්ච් කරන්නේ
- කොච්චර data ප්‍රමාණයක් අපි යවනවද කොච්චර ස්පීඩ් එකක් ඕනිද
- වැඩේට කොච්චර ගානක් යනවද කියන එක
ඔන්න එහෙම කරලා අපි එන්න හදන්නේ කොහොමද මේ
devices ටික තියන්නේ කියන තැනට, එකට අපිට ඕනි වෙනවා diagram එකක් එකෙන් කරන්නේ
මේවා ඔක්කොම කොතනද තියන්නේ කොහෙටද මේවා සම්බන්ධ වෙන්නේ ඒ කියන ඔක්කොම මේකේ චිත්‍රයක්
වගේ පෙන්නනවා,
එකෙන් අපිට network එක ගැන පැහැදිලි දැක්මක් ඇති
වෙනවා වගේම නිවැරදිව උපාංග කළමනාකරණය කරන්නත් අවස්ථාව ලැබෙනවා
මේ කියන
diagram එක කොටස් දෙකකට ගන්න පුළුවන්
- Physical topology
මෙන්න මේකේදී තමා වයර් කැල්ල හිටන් අදාල පාට කරලා මෙසේ උඩද යටද තියෙන්නේ ඇදලා චිත්‍ර ඇන්දා වගේ තියෙන්නේ
- Logical topology
මේකෙදි එහෙම නෑ මේකෙදි ලියන්න තියෙන්නේ device එකේ නම ip address එක පොර්ට් එක කේබල් එකේ නම වගේ ඒවා තමා
ඔන්න ඉතින් ඒ වගේ හදාගත්තාම අපිට බලන්න පුළුවන්
මේකේ ඉන්න users ල කියක් ඉන්නවද
මේකෙන් කොච්චර ප්‍රමාණයක් කවර් වෙලා තියනවද
මේකෙන් මොන මොන සේවාවන්ද සපයන්නේ කියන එක
ඔන්න ඔය කවර් කේස් එකේදී තමා මතක් උනේ LAN WAN
කේස් එක ඕක තමා ගොඩක් වෙලාවට එන network infrastructure 2ක
තව ඒවා තියනවා MAN එතකොට WLAN, SAN වගේ උඩ 2ක නම්
අහල තිබ්බට මේවා අහල නැතුව ඇති නේ
- WLAN ( Wireless Local Area Network) කියන්නේ
වයර්ලස් ලෑන් කියන එකට ඒ කියන්නේ wifi වලින් කනෙක්ට් උනාම වගේ අයිති වෙන්නේ ඕකට
- SAN (Storage Area Network) මෙන්න අලුත් trend එක අපේ lan එකේ තියන ඔක්කොම files ටික ලස්සනට save වෙනවා ඕනි වෙලාවට ගන්න පුළුවන් high end Server වලින් හදල තියෙන්නේ පට්ට speed සහ මේක fiber channel technology භාවිතා කරනවා
අන්තර්ජාලය
ඔව් දැන් අපි lan wan san man ඔක්කොම කතා කරා ඒවා
එකිනෙකට එකතු වෙලා තමා අන්තර්ජාලය හැදිලා තියෙන්නේ
ඔය ඉතින් එක එක දේවල් ගොඩක් සෙට් උනාම ඒවා අතර
අවුල් එනවනේ,එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ උදාහරණයක් විදිහට රටක එක එක ජාතීන් ඉන්නවා
ඉතින් එහෙම ඉන්නකොට එකා දෙන්න අනකොටගන්නවනේ ඉතින් ඒවාට පොලිසි කියල දෙයක් තියනවනේ
ඒ වගේම නිතියක් කියල දෙයක් තියනවනේ
අන්න ඒ වගේම මේවටත් ඒවා තියනවා ඒවා පවත්වාගෙනයන්න
එක එක සංවිධාන තියනවා ඒවා තමා
- Internet Engineering Task Force (IETF),
- Internet Corporation for Assigned Names and Numbers (ICANN),
- Internet Architecture Board (IAB),
- සහ තව ගොඩක් ඒවා තියනවා ඈ ඒවා පසුවට කියල දෙන්නම්
පොඩි කාලේ internet කියලා හිතං හිටියට එකට සමාන තවත් නෙට් 2ක් තියනවා ඒ තමා Intranet, Extranet කියන දෙක
අපි නෙට් එකේ ඉන්නකොට හම්බෙනවා විවිදාකාර වෙබ්
පිටු ඒ කියන්නේ sites හරියට ikman.lk facebook.com වගේ මේවා වෙබ් එකේ තියනවා අපි
බුකියට ගිහින් අපේ username password ගහල log වෙනවා මේ වගේම තමා පෞව්ද්ගලික කොම්පැනි වල එයාලටම
වෙන් උන මේ වගේ වෙබ් පිටු තියනවා ඒවාට log වෙන්න පුළුවන් ඒ කොම්පැනියේ සෙට් එකට
විතරයි හරියට facebook එකේ account එකක් තියනවනම් විතරනේ log වෙන්න පුළුවන් වගේ
වැඩක්
එත් extranet එකේදී
නම් පොඩ්ඩක් වෙනස් වෙනවා කලින් එකේ නම් ඒ කොම්පැනියේ කට්ටියට විතරනේ එකට log වෙලා
එකේ දේවල් බලන්න පුළුවන් එත් මේකෙදි එයාල අවස්ථාව ලබා දී තියනවා භාහිර පුද්ගලයන්ට
එයාලගේ කොම්පැනියේ ඇතුලේ events, news, වගේ විස්තර උදහරණයක් ගත්තොත් පාසලක වෙබ්
පිටුවක් ගමු එකේ එයාලගේ එක එක events පොටෝ පාසලේ විස්තර දල තියෙන්නේ අන්න ඒ වගේ
තමා
කොම්පැනියක ඕක තව වැඩිදියුණු කරනවා මේවත් එක්ක
- ගනුදෙනු කරුවන්ට අවස්ථාව සලසා දෙනවා භාණ්ඩ පිලිබදව විස්තර දැනගන්න
- ඉස්පිරිතාලයක් වගේනම් දොස්තරල බලන්න වෙලාවක් වෙන් කිරීමේ හැකියාව ලබා දෙනවා
අන්න ඒ වගේ තමා
ඉතින් ඕවගේ එක එක දේවල් තියනකොට ඊළගට අපි බලන්නේ
කොහොමද අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ කියලා
අන්තර්ජාල සේවා සපයන්නාට අපි කියන්නේ isp කියලා
ඉතින් එයාල අපිට අන්තර්ජාල සේවා දෙන්නේ broadband cable, broadband digital
subscriber line (DSL), wireless WANs, සහ mobile services
වශයෙනි
අපිටනම් ඉතින් 4න් එකේ wireless විදිහට නෙට්
ගියාට ඔය ලොකු ලොකු කොම්පැනි වලටනම් ඕවා මදි එයාලට ඕනි ගොඩක් speed ඒ වගේම stable
කනෙක්සන් එකක් ඒ නිසා එයාල තෝරාගන්නේ DSL, leased lines, and Metro
Ethernet වගේ දේවල් තමා
මේ විදිහට නෙට් එකට කනෙක්ට් වෙන එක එක විදි
පහලින් තියනවා
- Cable
මේක ගැනනම් කියන්න ඕනි නැනේ coaxial කේබල් එකේ දෙන්නේ කනක්සන් එක ලොකු බැන්විත් එකක් තියනවා හැමවෙලාවෙම up and running තියාගන්න පුළුවන්
- DSL
මේකෙත් එහෙම්මමයි high bandwidth, always on, connection to the Internet හැබැයි හොද modem ඕනි මේකට චැනල් 3ක් තියනවා ඒ පොන් කෝල් ගන්න, වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න, අනිත් එක අප්ලෝඩ් කරන්න ඔය 3ම එකම වෙලාවේ පාවිච්ච් කරන්න පුළුවන් ඈ හැබැයි අස්පට් එක කියන්නේ කනෙක්සන් එකේ speed එහා මෙහා වෙනවා isp ඉන්න දුර අනුවමේකේ වර්ග ටිකක් තියනවා- Symmetric Digital Subscriber Lines (SDSL) *අප්ලෝඩ්
/ ඩවුන්ලෝඩ් speed සමානයි
- Asymmetric Digital Subscriber Line (ADSL), *අප්ලෝඩ් / ඩවුන්ලෝඩ් speed අසමනයි
- Symmetric Digital Subscriber Lines (SDSL) *අප්ලෝඩ්
/ ඩවුන්ලෝඩ් speed සමානයි
- Cellular
මෙතැනදී නම් වෙන්නේ පොන් එකට එන සිග්නල් එකෙන් අන්තර්ජාල සේවා ලබාගැනීමයි
- Satellite
මේකනම් ගොඩක් ගණන් වැඩක් direct පෙන්න ඕනි ගස් ඒවා මේවා වැඩිනම් වැඩේ අවුල් ඈ හැබැයි ඉතින් කියන්න ඕනි නැනේ පස්ට speed අවුල් මොකුත් නෑ වැඩ
- Dial-up Telephone
මේ ක්‍රමේ තමා ගොඩක් ලාබ වෙන්නේ පොන් line එකෙන් තමා කනෙක්සන් එක ගන්නේ පට්ට slow ලොකු ලොකු files එහෙම ඩවුන්ලෝඩ් කරන්න බෑ
- Dedicated Leased Line
මේකත් අර dsl එක වගේම තමා, මේකෙන් වෙන්නේ පැති 2කක Office දෙකක් කනෙක් කරන එක ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ගාල්ලෙයි කොලබයි Office දෙකක් තියනව ඒ දෙක lan එකක් කරන්න අපිට වයර් අදින්න බැනේ අන්න එකට විකල්පයක් තම මේ හැබැයි isp හරහා තම වැඩේ සිද්ද වෙන්නේ මේකේ line වර්ග ටිකක් තියනවා North America වල, T1 (1.54 Mb/s) සහ T3 (44.7 Mb/s), වෙනත් රටවල් වල E1 (2 Mb/s) and E3 (34 Mb/s).
- Metro Ethernet
මේකත් dsl වගේම තමා හැබැයි මේකේ අපිට අවශ්‍ය නම් කොපර් කේබල් එකද නැත්තම් fiber කේබල් එකද කියල තෝරාගන්න පුළුවන් 10 Mb/s to 10 Gb/s වගේ යනවා ඈ ගෙවන්න ඕනි භාවිතා කරන MB වලට තමා
converged network
ඉස්සර නම් අපිට නෙට් යන line එක වෙනම පොන් line එක වෙනම තමා තිබ්බේ එත් දැන් එහෙම නෑ ඔක්කොම යන්නේ එකම line එකේ අන්න එකට තමා කියන්නේ converged network කියල විවිද වර්ග වල network එකම platform එකකට ගන්න එක තමා මේකෙදි වෙන්නේ
අනේ ඉතින් මෙහෙම හැම එකම බදාගන්න ගියාම එක හරියට
maintain කරගන්නත් පුළුවන් වෙන්න එපයි අන්න එකට තමා එක එක services , rules ,
protocols ඕනි වෙන්නේ
ඉතින් මේ හැම device එකක් ම වගේ මේවට අනුව තම
සකස් වෙන්නේ
- Fault Tolerance
- Scalability
- Quality of Service (QoS)
- Security
ඔන්න ඕව
ඇවිල්ල සෙට් උනාම අපි ඒ network එකට කියනවා Reliable Network එකක් කියලා
අන්න ඔහොම
මෙහෙම වෙලා එදා ඉදන් නවීකරණය වෙලා වැඩිදියුණු වෙලා අද වෙනකොට නෙට් එක යම්කිසි
තත්වයකට ඇවිල්ලනේ තියෙන්නේ පොන් එකෙන් ලැපෙන් ඩෙස්ටොප් එකෙන් ඇයි දැන් tv එකෙන්
පවා නෙට් එකට එන්න පුළුවන් තැනකට අපි ඇවිල්ල ඉන්නේ
BYOD (Bring Your Own Device)
කලින් කිව්වා වගේ ලොකු පරිණාමයක් වෙලා තියනකොට ඉස්සර නම් Office එකට school එකට අපිට දීල තිබ්බ මැසිමෙන් තමා වැඩ කරන්න ඕනි නේද ඔක්කොම පෙරහැරවල් ටික එකේ තමා තිබ්බේ හදිස්සියෙවත් වයිරස් එකක් එහෙම ගියොත් ජොබ් එකත් ඉවරයි වගේ තමා, එත් දැන් එහෙම නෑ තමන්ගේ ලැප ගෙනිහින් වැඩක් කරන්න පුළුවන් තැනකට අපි ඇවිල්ල ඉන්නේ
Online Collaboration
කලින් කිව්වා වගේ තමන්ගේ devices ගෙනිච්චාට කොහොමද වැඩක් කරන්න බැරි නම් කොම්පැනියේ, අන්න එතැනදී තමා මේ තාක්ෂනය ඕනි වෙන්නේ මේකෙන් වෙන්නේ ඔක්කොම සෙට් එක එකම තැනකට ගෙන එක ඕකට උදාහරණයක් කිව්වොත් skype කෝල් එකක් ගන්නවා කියල හිතන්න එකෙක් ඉන්නේ ලැප් එකෙන් අනිකා ඉන්නේ පොන් එකෙන් උපාංග වල වෙනස මෙතනට බලපාන්නේ නෑ කොහෙද ඉන්නේ කියන එක වැඩක් නෑ උන් දෙන්නට පුළුවන් ගින්නක් නැතුව කතා කරන්න ඒ වගේ තමා මේකෙදිත්
Cloud Computing
ඉස්සර නම් අපි අපේ documents ෆොටෝ මියුසික්
ඔක්කොම තියාගෙන හිටියේ අපේ පරිගණකයේ නේද එත් දැන් එක වෙනස් වෙලා දැන් ගොඩක් දෙනෙක්
google drive, one drive drop box පාවිච්ච් කරනවා
ඒවගේ එක එක ඒවා දාල තියාගෙන ඉන්නවා අන්න එකට තම
මේ cloud computing කියන්නේ
ඕනි වෙලාවක ඕනිම තැනකින් ගන්න පුළුවන් ලේසි පහසුයි
Network Security
ඕනි දෙයක දෙපැත්තක් තියනවා මේකෙදිත් එහෙමම තමා
ආරක්ෂාව අතින් ගත්තොත් ලොකු වෙහෙසක් ගන්න ඕනි මොකද දැන් හැමදෙයක්ම තියෙන්නේ නෙට්
එකේනේ අන්න එකයි
- Viruses, worms, and Trojan horses - malicious software and arbitrary code running on a user device
- Spyware and adware - software installed on a user device that secretly collects information about the user
- Zero-day attacks, also called zero-hour attacks - an attack that occurs on the first day that a vulnerability becomes known
- Hacker attacks - an attack by a knowledgeable person to user devices or network resources
- Denial of service attacks - attacks designed to slow or crash applications and processes on a network device
- Data interception and theft - an attack to capture private information from an organization’s network
- Identity theft - an attack to steal the login credentials of a user in order to access private data
ඒ වගේම
අපි දාගන්න ඕනි ඒවා වැලක් වන්නත් කරන්න තියෙන දේවල්
- Antivirus and antispyware - to protect user devices from malicious software
- Firewall filtering - to block unauthorized access to the network. This may include a host-based firewall system that is implemented to prevent unauthorized access to the host device, or a basic filtering service on the home router to prevent unauthorized access from the outside world into the network.
- Dedicated firewall systems - to provide more advanced firewall capability that can filter large amounts of traffic with more granularity
- Access control lists (ACL) - to further filter access and traffic forwarding
- Intrusion prevention systems (IPS) - to identify fast-spreading threats, such as zero-day or zero-hour attacks
- Virtual private networks (VPN) - to provide secure access to remote workers
මේවා මෙහෙම තියන නිසා තමා අපි අපේ වැඩ ටික
ලේසියෙන් පහසුවෙන් කරන්නේ නැත්තම් අද අපිට නෙට් එකේ ඉන්නකොට මොන වෙයිද කියල කියන්න
බෑ
ඉතින් යාළුවනේ ඔන්න පුළුවන් විදිහට මන් කරා වැරදි
නම් ගොඩක් ඇති දැක්කොත් කියල යන්න තේරෙන්නේ නැති දෙයක් තියනවනම් අහන්න එහෙනම්
හමුවෙමු දෙවැනි පාඩමෙන්........
.png)












.gif)
















No comments: