Pages

» »Unlabelled » CCNA1 දෙවන පාඩම Configuring a Network Operating System

By: Manusha Posted date: 9:05 AM Comments: 4

හැදින්වීම


කුඩා network (home network සාමාන්‍යයෙන් එක එක devices සමග සම්බන්ධ වෙනවා, ඒ කියන්නේ pc laptop, tab, smart phones, smart TV, DLNA(Digital Living Network Alliance), Network Media Players (Xbox 360,Playstation 3)   වගේ,

මේ ඔක්කොම උපාංග අපි හඳුන්වන්නේ End Devices කියල,මේවා ඔක්කොම සම්බන්ද වෙන්නේ home router එකට,
 සාමන්යෙන් home router එකක router+switch+wireless access point + firewall එකක් තියනවා පොඩ්ඩක් බලන්න ගෙදර තියන slt එකේ router එක අන්න එක ගැන තමා මේ කියන්නේ

අපි බලමු මොනාද මේ router කියන්නේ කියලා


මේකෙන් වෙන්නේ අපිව අන්තර්ජාලය සමග සම්බන්ද කිරීමයි ඒ කියන්නේ router එකක කාර්යය තමා වෙනස් ජාල 2ක් එකිනෙකට communicate කරවීම, සරලවම කිව්වොත් අපි යවන data packets සහ අපිට එන data packets එහා මෙහා කිරීම

අපි බලමු මොනාද මේ Switch කියන්නේ කියල


PC 2ක් නම් අව්ලක් නැතුව network කේබල් එකෙන් connect කරගන්න පුළුවන් එත් 3ක් 4ක් 5ක් කොහොමද එකිනෙකට connect කරන්නේ? අන්න ඒකට තමා මේ ගැජමැටික් කෑල්ල ඕනි වෙන්නේ මේකෙන් වෙන්නේ කේබල් මගින් එකිනෙක සම්බන්ද කිරීමයි

අපි බලමු මොනාද මේ Wireless Access Point කියන්නේ කියලා


මන් කලින් කිව්වනේ switch එකෙන් කේබල් වලින් connect කරනවා කියලා මේකෙන් වෙන්නේ wireless විදිහට
pc lap printers phones tab ආදී උපාංග සම්බන්ද කිරීමයි

මීලගට අපි බලමු Firewall කියන්නේ මොනාද කියල

මේකෙන් වෙන්නෙත් ජාලයට ආරක්ෂාව ලබාදීමයි ඒ කියන්නේ ඔය යන එන ඒවා filter කිරීමක් මෙතනින් සිද්දවෙනවා

ඉතින් මේවා භාවිතා කරලා තමා ජාලයක් පවත්වාගෙන යන්නේ
කලින් කිව්වා වගේ ජාලයක් උනාම එක එක ජාතියේ devices තියනවා ලැප් ටැබ් පොන් ඩෙස්ක්ටොප් printer router switches වගේ එක එක දේවල් ඒවගේ එක එක os තමා තියෙන්නේ ඉතින් මේ cisco ලගේත් එයාලටම කියල os එකක් තියනවා 
ඒ තමා cisco ios කියන එක මේ පාඩමෙන් ලොකු බරක් දෙන්නේ මේ ගැන තමා මොකද අපි වැඩ කරන්නේ මේ os එකේ නිසා ios කිව්වම ඔලුවට එන්නේ ඇපල් නේ එක නම් නෙමේ මේ හොදේ

මේකත් අනිත් හැම os එකකක්ම වගේ වැඩ කරන්නේ resources වලින් මේකටත් ram storage processor එකක් ඕනි ඔයාලට switch එකක් router එකක් ගලවන්න පුළුවන් උනොත් බලන්නකෝ ඒවා
හැබැයි අපි පොන් එකේ ලැප් එකේ වැඩ කරනවා වගේ Graphical User Interface එකක් නම් මේකේ නෑ මේකේ තනිකර cmd එකෙක් වගේ code ගහන්න තමා තියෙන්නේ

මේ cisco os එක වැඩ කරන්නේ cisco routers cisco switches වල සහ cisco ලගේ බඩු වල විතරයි
මේ cisco os එකත් වෙන අනිත් හැම os එකක් වගේම updates එහෙම එවනවා හරියට android එකේ එන්නේ 4.1, 4.1.2, 4.3, 4.2, 4.4.4 වගේ අන්න එහෙමම තමා මේකත්
අනේ ඉතින් ඒ උනාට මේක නම් mb 700ක් 800ක් වගේ නෑ පොඩි mb ගානක os එකක්
අපි හැමෝම දන්නවා hard එකට වඩා ram එක speed එකෙන් වැඩි කියලා ඉතින් මේ cisco ලගේ os එකත් බූට් වෙනකොට os එක ram එකට දාගන්නවා
ඊලගට අපි බලමු මේ os එකෙන් කරන ප්‍රධාන කාර්යන් ටිකක්
  • Providing network security
  • IP addressing of virtual and physical interfaces
  • Enabling interface-specific configurations to optimize connectivity of the respective media
  • Routing
  • Enabling quality of service (QoS) technologies
  • Supporting network management technologies
ඕව දැකල බයවෙන්න එපා මුලින්ම නම් තේරෙන්නේ නෑ පස්සේ පස්සේ තේරෙයි ඈ
හරි දැන් os එක ගැන කතා කල වෙන්නේ මොනාද බැලුව එත් අවුල කියන්නේ රවුටරේ හරි switch එකේ හරි අපි දැකල නැනේ moniter එකයි keyboard එකයි, අන්න දැන් තමා අවුල කොහොමද මේ CLI එකට යන්නේ කියන එක එකට තමා තියෙන්නේ Console , Telnet/SSH , AUX port එක

හරි දැන් දන්නවා මන් වැඩේ කොයිල් තමා කියලා
අපි බලමු මොනාද කියල මේවා එකින් එක

  • Console
    මේක ගැන කියන්න කලින් man පුංචි උදාහරණයක් ගන්නම්

    හිතන්න ඔයාල ඉස්සෙල්ලම ඩෙස්ක්ටොප් එකක් ගත්ත දවස

    Cpu එක තියනවා moniter එක තියනවා ආයේ මවුස් එකයි keyboard එකයි තියනවා, අපි හදිස්සියට moniter එකයි cpu එකයි connect කරලා on කරනවා හරි ඉතින් on වෙනවා එත් අපිට මොකුත් වැඩක් කරන්න පුළුවන් වෙයිද ? බැනේ ඒ වගේම තමා මේකත් රවුටරේ හරි switch එක හරි ගත්ත ගමන් ඒ වගේම තමා වැඩක් කරන්න බෑ අපිට තමා ඕනි විදිහට හදන්න ඕනි එකට තමා මේ console එක ඕනි වෙන්නේ හරියට හරියට keyboard එක මැෂින් එකට ගහන්න ps2 පොර්ට් එක තියෙනේ අන්න ඒ වගේම තමා මේකෙදිත් වෙන්නේ අපි console කේබල් එකෙන් තමා බොහෝ වෙලාවට රවුටරේ සමහ සම්බන්ද වෙන්නේ ඊටපස්සේ එක එක වැඩ කෑලි දාන්නෙත් මේකෙන්ම තමා





  • Telnet කලින් console එකෙන් log වෙලා එක එක වැඩකෑලි රවුටරේට දාල ඊටපස්සේ අපිට ඒ console එක ඕනි වෙන්නේ නෑ log වෙන්න ඊටපස්සේ අපිට මේ ක්‍රමේ ඕනේ වෙනවා මේකෙන් වෙන්නේ අපිට දුර ඉදන් උනත් සම්බන්ද වෙන්න පුළුවන් කරන විදිහ පසුවට කියල දෙන්නම්

  • SSH
    අනේ ඉතින් මේකෙදි වෙන්නෙත් ටෙල්නෙට් එකේදී වෙච්චා දේම තමා හැබැයි ටිකක් secure වැඩි මෙතැනදී මොකද කිව්වොත් encrypt කරලා තියෙන්න මැද ඉදන් කාටවත් දත්ත සොරාගන්න බැරි වෙන්න
  • AUX
    මේ විදිහනම් පරණයි මොකද කිව්වොත් dial up විදිහට තම මේකේදී connect වෙන්නේ

    අනික සමහර ඒවගේ මේක ඇත්තෙත් නෑ ඈ ඒක නිසා වැඩිය හිතන්න එපා මේ ගැන
    හරි අපි කිව්වනේ කොහොමද connect කරන්නේ කියලා එත් ඒවාට මැෂින් එකට දාන්න ඕනි පොඩි පොඩි softwares ටිකක් තමා පහලින් තියෙන්නේ වැඩේ කොයිල් නම් හිතන්න අපි ගන්නවා ඩොන්ගල් එකක් එක usb එකෙන් මැෂින් එකට ගැහුවා ආ දැන් එක ගැහුවයි කියල නෙට් යන්න පුළුවන්ද බැනේ එකට එකේ software එක දාන්න එපයි අන්න ඒ වගේ තමා මෙතනදීත්,
    • PuTTY
    • Tera Term
    • SecureCRT
    • HyperTerminal
    • OS X Terminal මේවා ඕනි වෙනවා ඈ

 

ඔන්න එහෙනම් අපි දැන් හා හා පුර කියලා රවුටරේ ඇතුලට යන්නයි හදන්නේ යන්න කලින් දැනගන්න ඕනි එකේදී modes වගයක් තියනවා

  • User executive (User EXEC) mode
  • Privileged executive (Privileged EXEC) mode
  • Global configuration mode
  • Other specific configuration modes, such as interface configuration mode
මෙන්න මෙහෙම කියලා කාට හරි ප්‍රශ්නයක් තියනවා ඇති ඇයි මේ කියලා මේ එක එක modes වලින් එක එක කාර්ය තමා සිදු වෙන්නේ ඒවා පස්සට අපි ඉගෙන ගන්නවා
අපි දැන් ඒවා ඉගෙන ගන්නයි හදන්නේ

මුලින්ම අපිට හම්බවෙන්නේ User EXEC Mode එක

දන්නවනේ ඉතින් ගෙමකදී උනත් ඉස්සෙල්ලම හම්බෙන එකා ගේමක් නෑ කියලා ඒ වගේ තමා මෙතනදීත් මෙයත් එක්ක වැඩිය ලොකු සෙල්ලම් දාන්න නෑ පොඩි පොඩි වැඩ කෑලි එතකොට බේසික් විස්තර දැනගන්න තමා මේක තියෙන්නේ
රවුටරේ ඉස්සෙල්ලම අපි ගිය ගමන් දකින්නේ මෙහෙම

Switch> (මෙන්න මේ කල්ලේ තමා අපි දාන සෙල්ලම් දාන්නේ ඒ කියන්නේ type කරන්නේ හොදේ)

එහෙම type කරන කමන්ඩ්ස් කිහිපයක් තමා මේ

<1-99> Session number to resume
Connect           Open a terminal connection
Disable Turn off privileged commands
Disconnect       Disconnect an existing network connection
Enable              Turn on privileged commands
Exit                  Exit from the EXEC
logout               Exit from the EXEC
ping                  Send echo messages
resume             Resume an active network connection
show                Show running system information
ssh                   Open a secure shell client connection
telnet                Open a telnet connection
terminal            Set terminal line parameters
traceroute         Trace route to destination

ඔන්න ඔකේ enable කියල ගහපුවම අපිය යන්න පුළුවන් ඊලග mod එකට ඒ කියන්නේ Privileged EXEC Mode එකට ගහන්න තියෙන්නේ

Router>enable කියල enter එක ඔබන්න

Privileged EXEC Mode

මේ mode එකේදී ගහන්න පුළුවන් සමහර management commands සහ configuration commands තමා මේකෙදි බලන්න පොඩි වෙනස් වෙලා ඇති කියල පේනවා

Router# ඔන්න ඔහොම තමා මේ mode එක තියෙන්නේ
මේකෙදි ගහන්න පුළුවන් code ටිකක් පහලින් තියනවා

<1-99>            Session number to resume
auto                  Exec level Automation
clear                 Reset functions
clock                Manage the system clock
configure          Enter configuration mode
connect            Open a terminal connection
copy                 Copy from one file to another
debug               Debugging functions (see also 'undebug')
delete               Delete a file
dir                    List files on a filesystem
disable Turn off privileged commands
disconnect        Disconnect an existing network connection
enable              Turn on privileged commands
erase                Erase a filesystem
exit                   Exit from the EXEC
logout               Exit from the EXEC
mkdir               Create new directory
more                Display the contents of a file
no                    Disable debugging informations
ping                  Send echo messages
reload               Halt and perform a cold restart
resume Resume an active network connection
rmdir                Remove existing directory
send                 Send a message to other tty lines
setup                Run the SETUP command facility
show                Show running system information
ssh                   Open a secure shell client connection
telnet                Open a telnet connection
terminal            Set terminal line parameters
traceroute         Trace route to destination
undebug           Disable debugging functions (see also 'debug')
vlan                  Configure VLAN parameters
write                 Write running configuration to memory, network, or terminal

ඔන්න ඕවා දාල සෙල්ලන් කරන්න පුළුවන්

ඔන්න එකේදී Router# configure terminal කියල ගහපු ගමන් අපි යනවා අපේ ඊලග mode එක වෙන Global configuration mode එකට

Global configuration mode

ඔය දාන ගොඩක් සෙල්ලම් දන්නේ මෙන්න මෙතන තමා ඈ මේකේ කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා අපිට ඕනි විදිහට රවුටරේ ට ගේම දෙන්න පුළුවන්
මෙන්න commands ටිකක්

aaa                   Authentication, Authorization and Accounting.
access-list         Add an access list entry
banner              Define a login banner
boot                 Modify system boot parameters
cdp                  Global CDP configuration subcommands
class-map         Configure Class Map
clock                Configure time-of-day clock
config-register Define the configuration register
crypto              Encryption module
do                    To run exec commands in config mode
dot11               IEEE 802.11 config commands
enable              Modify enable password parameters
end                   Exit from configure mode
exit                   Exit from configure mode
flow                  Global Flow configuration subcommands
hostname          Set system's network name
interface           Select an interface to configure
ip                     Global IP configuration subcommands
ipv6                  Global IPv6 configuration commands
key                   Key management
license Configure license features
line                   Configure a terminal line
logging Modify message logging facilities
login                 Enable secure login checking
mac-address-table Configure the MAC address table
no                    Negate a command or set its defaults
ntp                   Configure NTP
parser               Configure parser
policy-map       Configure QoS Policy Map
port-channel     EtherChannel configuration
priority-list        Build a priority list
privilege            Command privilege parameters
queue-list          Build a custom queue list
radius-server    Modify Radius query parameters
router               Enable a routing process
secure              Secure image and configuration archival commands
security             Infra Security CLIs
service Modify use of network based services
snmp-server     Modify SNMP engine parameters
spanning-tree    Spanning Tree Subsystem
tacacs-server    Modify TACACS query parameters
username          Establish User Name Authentication
vpdn                 Virtual Private Dialup Network
vpdn-group      VPDN group configuration

බැලු බැල්මට පේනවනේ දාන්න තියන සෙල්ලම් වැඩි කියලා නේද මේවා පොඩ්ඩක් පැකට් tracer එකේ ගහල බලන්න කෙල උනත් කමක් නැනේ

ඒ වගේම තමා මේ එකින් එකට ආව වගේම පහල එකට යන්න ඕනි නම් කරන්න තියෙන්නේ exit කියල type කරන එක
Router(config)#exit

Router#
ඔන්න ඔහොම තමා වෙන්නේ

ඊළඟට අපි බලමු මොනවද Specific Configuration Modes කියන්නේ කියලා

මේකෙදි වෙන්නේ අපේ රවුටරේ හරි switch එකේ හරි තියන interface එකකට හරි line එකකට ගිහින් configure කරන්න තමා මේකෙදි වෙන්නේ ඔය line කිව්වේ කලින් කිව්වේ console එතකොට aux අන්න ඒවාට ඈ එතකොට interface කිව්වේ ඔකේ තියනවනේ එක එක පොර්ට් අන්න ඒවා ඒ කියන්නේ GigabitEthernet ද fastEthernet serial වගේ ඒවාට ඒ මොනාද කියන්න ඔයාලා දැනටමත් දන්නවනේ

ඔයාලාට මන් පොඩි උදව්වක් කරන්නම් ඒ තමා ? එක මේක ඕනි තැනක ගහන්න දෙයියෙක් වගේ උදව් කරනවා මේ බලන්නකෝ

Router#ping ?

WORD Ping destination address or hostname

ip IP echo

ipv6 IPv6 echo

<cr>


දැක්කද වැඩේ ? එක ගහපු ගමන් ඊළඟට කරන්න තියන ඒවා තමා ඔය වැටෙන්නේ පහලින්

ඊළඟට කියන්න හදන්නේ Hot keys and Shortcuts ගැනයි

  • Down Arrow - Allows the user to scroll forward through former commands
  • Up Arrow - Allows the user to scroll backward through former commands
  • Tab - Completes the remainder of a partially typed command or keyword
  • Ctrl-A - Moves to the beginning of the line
  • Ctrl-E - Moves to the end of the line
  • Ctrl-R - Redisplays a line
  • Ctrl-Z - Exits the configuration mode and returns to user EXEC
  • Ctrl-C - Exits the configuration mode or aborts the current command
  • Ctrl-Shift-6 - Allows the user to interrupt an IOS process such as ping or traceroute

ඔන්න අපි දැන් වැඩට බහින්නයි හදන්නේ මුලින් ම අපි බලමු basic configuration ටිකක්


එකට ඉස්සෙල්ලා ම අපි රවුටරේ නම වෙනස් කරමු මේකෙදි මතක තියාගන්න ඕනි නම එක කෑල්ලක් වෙන්න ඕනි උදාහරණයක් විදිහට Manusha R1 කියල type කරන්න බෑ එත් මෙහෙම පුළුවන් Manusha_R1 කියලා

ඔන්න එහෙනම් පටන් ගන්නයි හදන්නේ

Router>

Router>en

Router#

Router#configure terminal

Enter configuration commands, one per line. End with CNTL/Z.

Router(config)#

Router(config)#hostname Manuusha_R1

Manuusha_R1(config)#

Manuusha_R1(config)#

කොහොමද වැඩේ
දැන් මට හිතෙනවා නම නිකන් අවුල් අවුල් වගේ කියලා කොහොමද මන් නැති කරන්නේ එක
මෙන්න මෙහෙම

Router>

Router>enable

Router#

Router#configure terminal

Enter configuration commands, one per line. End with CNTL/Z.

Router(config)#

Router(config)#hostname Manuusha_R1

Manuusha_R1(config)#

Manuusha_R1(config)#no hostname

Router(config)#

දැක්කද වැඩේ

ඊළඟට අපි password එකක් දාමු

හැබැයි මෙතැන password දාන්න පුළුවන් තැන් ගොඩක් තියනවා ඈ
  • Enable password - Limits access to the privileged EXEC mode
  • Enable secret - Encrypted, limits access to the privileged EXEC mode
  • Console password - Limits device access using the console connection
  • VTY password - Limits device access over Telnet
අපි බලමු දාන විදිහ

Router(config)#enable password cisco

දැන් ඕක දැම්මනේ අපි ඕක එන්නේ කොහෙද කියල බලමු ඊළඟට

Router>

Router>enable

Password:

Router#
අන්න දැක්කද මේකෙන් වෙන්නේ privileged EXEC mod එකට යන්න password එකක් දාන එක
ඉතින් මේ විදිහට අනිත් ඒවටත් password දාල ආරක්ෂාව සපයන්න පුළුවන් ඈ

line console එකට දාන විදිහ

Manusha(config)# line console 0
Manusha(config-line)# password cisco
Manusha(config-line)# login

මේක වැදගත් වෙන්නේ console එකෙන් log වෙනකොට

line vty එකට දාන විදිහ
Manusha(config)# line vty 0 15
Manusha(config-line)# password cisco
Manusha(config-line)# login

මේක වැදගත් වෙන්නේ ටෙල්නෙට් log වෙනකොට

ඔයාල මේ දැම්ම වගේම Aux පොර්ට් එකට password දාන්න පුරුදුවෙන්නත් එක්කම

දැන් බලමු encrypt password එකක් දාන විදිහ

Manusha(config)# enable secret class
මේක දැම්මේ නැත්තම් Router#show running-config ගහපු ගමන් ඕනි කෙනෙක්ට password එක බලාගන්න පුළුවන් වෙන නිසා

දැන් අපි රවුටරේ ට බැනර් එකක් දාමු

Manusha(config)# banner motd # ඔයාලට දාන්න ඕනි පණිවිඩේ #
හරි අපි දැන් මුලික වැඩ කරානේ දැන් ඒ ඔක්කොම save කරන්නේ කොහොමද කියල බලමු
Router#copy running-config startup-config
Destination filename [startup-config]?
Building configuration...
[OK]
Router#
ඔන්න ඒ වැඩෙත් ගොඩ දැන් reload පාරක් දීලා බලන්න මේ විදිහට වැඩේ කොහොමද කියලා

Router#reload
Proceed with reload? [confirm]


මට නිකන් ඕක ඕනි නෑ නෑ වගේ නම් erase කරන්න මේ විදිහට කරන්න
Router#erase startup-config
Erasing the nvram filesystem will remove all configuration files! Continue? [confirm]
[OK]
Erase of nvram: complete
%SYS-7-NV_BLOCK_INIT: Initialized the geometry of nvram
Router#
ඊටපස්සේ reload පාරක් දීලා බලන්න


මන් හිතනවා මේ පාඩමේ පොඩි ip කෑල්ලක් තියනවා ඒක දැන්ම ඕනි නෑ පසුවට හොදට සවිස්තරාත්මකව කියන්න එහෙනම් හමුවෙමු තුන්වන පාඩමෙන්
TAGS
«
Next
Newer Post
»
Previous
Older Post

4 comments:

  1. Good luck mcn puliwannam wifi router ekak hadaganna vidiya kiyala diyahanko mcn

    ReplyDelete
    Replies
    1. tnx mchn poddak pahadili karanna lap eken wifi router ekak hadaganna widihada nattm atta wifi router ekak setup karana widihada

      Delete
  2. Great & Super Work Bro !! :D
    Thank U Very Much Bro !! :D :D

    ReplyDelete

Popular

Comments