හැදින්වීම
කුඩා network
(home network සාමාන්‍යයෙන් එක එක devices සමග සම්බන්ධ වෙනවා, ඒ කියන්නේ pc laptop, tab, smart phones,
smart TV, DLNA(Digital Living Network Alliance), Network Media Players (Xbox
360,Playstation 3) වගේ,
මේ ඔක්කොම උපාංග අපි හඳුන්වන්නේ End
Devices කියල,මේවා ඔක්කොම සම්බන්ද වෙන්නේ home
router එකට,
සාමන්යෙන් home router එකක router+switch+wireless
access point + firewall එකක් තියනවා පොඩ්ඩක් බලන්න ගෙදර තියන slt එකේ router එක
අන්න එක ගැන තමා මේ කියන්නේ
අපි බලමු මොනාද මේ router කියන්නේ කියලා
මේකෙන් වෙන්නේ අපිව අන්තර්ජාලය සමග සම්බන්ද
කිරීමයි ඒ කියන්නේ router එකක කාර්යය තමා වෙනස් ජාල 2ක් එකිනෙකට communicate
කරවීම, සරලවම කිව්වොත් අපි යවන data
packets සහ අපිට එන data packets එහා මෙහා කිරීම
අපි බලමු මොනාද මේ Switch කියන්නේ කියල
PC 2ක් නම් අව්ලක් නැතුව network කේබල් එකෙන් connect කරගන්න පුළුවන් එත් 3ක් 4ක් 5ක් කොහොමද එකිනෙකට connect කරන්නේ? අන්න ඒකට තමා මේ ගැජමැටික් කෑල්ල ඕනි වෙන්නේ මේකෙන් වෙන්නේ කේබල් මගින් එකිනෙක සම්බන්ද කිරීමයි
අපි බලමු මොනාද මේ Wireless Access Point කියන්නේ කියලා
මන් කලින් කිව්වනේ switch එකෙන් කේබල් වලින් connect කරනවා කියලා මේකෙන් වෙන්නේ wireless විදිහට pc lap printers phones tab ආදී උපාංග සම්බන්ද කිරීමයි
මීලගට අපි බලමු Firewall කියන්නේ මොනාද කියල
ඉතින් මේවා භාවිතා කරලා තමා ජාලයක් පවත්වාගෙන
යන්නේ
කලින් කිව්වා වගේ ජාලයක් උනාම එක එක ජාතියේ
devices තියනවා ලැප් ටැබ් පොන් ඩෙස්ක්ටොප් printer router switches වගේ එක එක
දේවල් ඒවගේ එක එක os තමා තියෙන්නේ ඉතින් මේ cisco ලගේත් එයාලටම කියල os එකක්
තියනවා
ඒ තමා cisco ios කියන එක මේ පාඩමෙන් ලොකු බරක් දෙන්නේ මේ ගැන තමා
මොකද අපි වැඩ කරන්නේ මේ os එකේ නිසා ios කිව්වම
ඔලුවට එන්නේ ඇපල් නේ එක නම් නෙමේ මේ හොදේ
මේකත් අනිත් හැම os එකකක්ම වගේ වැඩ කරන්නේ resources
වලින් මේකටත් ram storage processor එකක් ඕනි
ඔයාලට switch එකක් router එකක් ගලවන්න පුළුවන් උනොත් බලන්නකෝ ඒවා
හැබැයි අපි පොන් එකේ ලැප් එකේ වැඩ කරනවා වගේ Graphical
User Interface එකක් නම් මේකේ නෑ මේකේ තනිකර cmd එකෙක් වගේ code ගහන්න තමා තියෙන්නේ
මේ cisco os එක වැඩ කරන්නේ cisco routers cisco
switches වල සහ cisco ලගේ බඩු වල විතරයි
මේ cisco os එකත් වෙන අනිත් හැම os එකක් වගේම
updates එහෙම එවනවා හරියට android එකේ එන්නේ 4.1, 4.1.2, 4.3, 4.2, 4.4.4
වගේ අන්න එහෙමම තමා මේකත්
අනේ ඉතින් ඒ උනාට මේක නම් mb 700ක් 800ක් වගේ නෑ
පොඩි mb ගානක os එකක්
අපි හැමෝම දන්නවා hard එකට වඩා ram එක speed
එකෙන් වැඩි කියලා ඉතින් මේ cisco ලගේ os එකත් බූට් වෙනකොට os එක ram එකට දාගන්නවා
ඊලගට අපි බලමු මේ os එකෙන් කරන ප්‍රධාන කාර්යන්
ටිකක්
- Providing network security
- IP addressing of virtual and physical interfaces
- Enabling interface-specific configurations to optimize connectivity of the respective media
- Routing
- Enabling quality of service (QoS) technologies
- Supporting network management technologies
ඕව දැකල බයවෙන්න එපා මුලින්ම නම් තේරෙන්නේ නෑ
පස්සේ පස්සේ තේරෙයි ඈ
හරි දැන් os එක ගැන කතා කල වෙන්නේ මොනාද බැලුව
එත් අවුල කියන්නේ රවුටරේ හරි switch එකේ හරි අපි දැකල නැනේ moniter එකයි keyboard
එකයි, අන්න දැන් තමා අවුල කොහොමද මේ CLI එකට යන්නේ කියන එක එකට තමා තියෙන්නේ Console
, Telnet/SSH , AUX port එක
හරි දැන් දන්නවා මන් වැඩේ කොයිල් තමා කියලා
අපි බලමු මොනාද කියල මේවා එකින් එක
- Console
මේක ගැන කියන්න කලින් man පුංචි උදාහරණයක් ගන්නම්
හිතන්න ඔයාල ඉස්සෙල්ලම ඩෙස්ක්ටොප් එකක් ගත්ත දවස
Cpu එක තියනවා moniter එක තියනවා ආයේ මවුස් එකයි keyboard එකයි තියනවා, අපි හදිස්සියට moniter එකයි cpu එකයි connect කරලා on කරනවා හරි ඉතින් on වෙනවා එත් අපිට මොකුත් වැඩක් කරන්න පුළුවන් වෙයිද ? බැනේ ඒ වගේම තමා මේකත් රවුටරේ හරි switch එක හරි ගත්ත ගමන් ඒ වගේම තමා වැඩක් කරන්න බෑ අපිට තමා ඕනි විදිහට හදන්න ඕනි එකට තමා මේ console එක ඕනි වෙන්නේ හරියට හරියට keyboard එක මැෂින් එකට ගහන්න ps2 පොර්ට් එක තියෙනේ අන්න ඒ වගේම තමා මේකෙදිත් වෙන්නේ අපි console කේබල් එකෙන් තමා බොහෝ වෙලාවට රවුටරේ සමහ සම්බන්ද වෙන්නේ ඊටපස්සේ එක එක වැඩ කෑලි දාන්නෙත් මේකෙන්ම තමා
- Telnet කලින් console එකෙන් log වෙලා එක එක වැඩකෑලි රවුටරේට දාල ඊටපස්සේ අපිට ඒ console එක ඕනි වෙන්නේ නෑ log වෙන්න ඊටපස්සේ අපිට මේ ක්‍රමේ ඕනේ වෙනවා මේකෙන් වෙන්නේ අපිට දුර ඉදන් උනත් සම්බන්ද වෙන්න පුළුවන් කරන විදිහ පසුවට කියල දෙන්නම්
- SSH
අනේ ඉතින් මේකෙදි වෙන්නෙත් ටෙල්නෙට් එකේදී වෙච්චා දේම තමා හැබැයි ටිකක් secure වැඩි මෙතැනදී මොකද කිව්වොත් encrypt කරලා තියෙන්න මැද ඉදන් කාටවත් දත්ත සොරාගන්න බැරි වෙන්න
- AUX
මේ විදිහනම් පරණයි මොකද කිව්වොත් dial up විදිහට තම මේකේදී connect වෙන්නේ
අනික සමහර ඒවගේ මේක ඇත්තෙත් නෑ ඈ ඒක නිසා වැඩිය හිතන්න එපා මේ ගැන හරි අපි කිව්වනේ කොහොමද connect කරන්නේ කියලා එත් ඒවාට මැෂින් එකට දාන්න ඕනි පොඩි පොඩි softwares ටිකක් තමා පහලින් තියෙන්නේ වැඩේ කොයිල් නම් හිතන්න අපි ගන්නවා ඩොන්ගල් එකක් එක usb එකෙන් මැෂින් එකට ගැහුවා ආ දැන් එක ගැහුවයි කියල නෙට් යන්න පුළුවන්ද බැනේ එකට එකේ software එක දාන්න එපයි අන්න ඒ වගේ තමා මෙතනදීත්,- PuTTY
- Tera Term
- SecureCRT
- HyperTerminal
- OS X Terminal මේවා ඕනි වෙනවා ඈ
ඔන්න එහෙනම් අපි දැන් හා හා පුර කියලා රවුටරේ ඇතුලට යන්නයි හදන්නේ යන්න කලින් දැනගන්න ඕනි එකේදී modes වගයක් තියනවා
- User executive (User EXEC) mode
- Privileged executive (Privileged EXEC) mode
- Global configuration mode
- Other specific configuration modes, such as interface configuration mode
මෙන්න මෙහෙම කියලා කාට හරි ප්‍රශ්නයක් තියනවා ඇති
ඇයි මේ කියලා මේ එක එක modes වලින් එක එක කාර්ය තමා සිදු වෙන්නේ ඒවා පස්සට අපි
ඉගෙන ගන්නවා
අපි දැන් ඒවා ඉගෙන ගන්නයි හදන්නේ
මුලින්ම අපිට හම්බවෙන්නේ User EXEC Mode එක
දන්නවනේ ඉතින් ගෙමකදී උනත් ඉස්සෙල්ලම හම්බෙන එකා
ගේමක් නෑ කියලා ඒ වගේ තමා මෙතනදීත් මෙයත් එක්ක වැඩිය ලොකු සෙල්ලම් දාන්න නෑ පොඩි
පොඩි වැඩ කෑලි එතකොට බේසික් විස්තර දැනගන්න තමා මේක තියෙන්නේ
රවුටරේ ඉස්සෙල්ලම අපි ගිය ගමන් දකින්නේ මෙහෙම
Switch> (මෙන්න මේ කල්ලේ තමා අපි දාන සෙල්ලම් දාන්නේ ඒ
කියන්නේ type කරන්නේ හොදේ)
එහෙම type කරන කමන්ඩ්ස් කිහිපයක් තමා මේ
<1-99> Session number to
resume
Connect Open
a terminal connection
Disable Turn
off privileged commands
Disconnect Disconnect
an existing network connection
Enable Turn
on privileged commands
Exit Exit
from the EXEC
logout Exit
from the EXEC
ping Send
echo messages
resume Resume
an active network connection
show Show
running system information
ssh Open
a secure shell client connection
telnet Open
a telnet connection
terminal Set
terminal line parameters
traceroute
Trace route to destination
ඔන්න ඔකේ enable කියල ගහපුවම අපිය යන්න පුළුවන්
ඊලග mod එකට ඒ කියන්නේ Privileged EXEC Mode එකට ගහන්න තියෙන්නේ
Router>enable කියල enter එක ඔබන්න
Privileged EXEC Mode
මේ mode එකේදී ගහන්න පුළුවන් සමහර management
commands සහ configuration commands තමා මේකෙදි බලන්න පොඩි වෙනස් වෙලා ඇති
කියල පේනවා
Router# ඔන්න ඔහොම තමා මේ mode එක තියෙන්නේ
මේකෙදි ගහන්න පුළුවන් code ටිකක් පහලින් තියනවා
<1-99> Session number to resume
auto Exec
level Automation
clear Reset
functions
clock Manage
the system clock
configure Enter
configuration mode
connect Open
a terminal connection
copy Copy
from one file to another
debug Debugging
functions (see also 'undebug')
delete Delete
a file
dir List files on a filesystem
disable Turn
off privileged commands
disconnect Disconnect
an existing network connection
enable Turn
on privileged commands
erase Erase
a filesystem
exit Exit
from the EXEC
logout Exit
from the EXEC
mkdir Create
new directory
more Display
the contents of a file
no Disable debugging informations
ping Send
echo messages
reload Halt
and perform a cold restart
resume Resume
an active network connection
rmdir Remove
existing directory
send Send
a message to other tty lines
setup Run
the SETUP command facility
show Show
running system information
ssh Open
a secure shell client connection
telnet Open
a telnet connection
terminal Set
terminal line parameters
traceroute Trace
route to destination
undebug Disable
debugging functions (see also 'debug')
vlan Configure
VLAN parameters
write Write running configuration to
memory, network, or terminal
ඔන්න ඕවා දාල සෙල්ලන් කරන්න පුළුවන්
ඔන්න එකේදී Router# configure terminal කියල ගහපු ගමන් අපි යනවා අපේ ඊලග mode එක වෙන Global
configuration mode එකට
Global configuration mode
ඔය දාන ගොඩක් සෙල්ලම් දන්නේ මෙන්න මෙතන තමා ඈ
මේකේ කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා අපිට ඕනි විදිහට රවුටරේ ට ගේම දෙන්න පුළුවන්
මෙන්න commands ටිකක්
aaa Authentication,
Authorization and Accounting.
access-list Add
an access list entry
banner Define
a login banner
boot Modify
system boot parameters
cdp Global
CDP configuration subcommands
class-map Configure
Class Map
clock Configure
time-of-day clock
config-register Define the
configuration register
crypto Encryption
module
do To run exec commands in config mode
dot11 IEEE
802.11 config commands
enable Modify
enable password parameters
end Exit
from configure mode
exit Exit
from configure mode
flow Global
Flow configuration subcommands
hostname Set
system's network name
interface Select
an interface to configure
ip Global IP configuration subcommands
ipv6 Global
IPv6 configuration commands
key Key
management
license Configure
license features
line Configure
a terminal line
logging Modify
message logging facilities
login Enable
secure login checking
mac-address-table Configure the MAC
address table
no Negate a command or set its defaults
ntp Configure
NTP
parser Configure
parser
policy-map Configure
QoS Policy Map
port-channel EtherChannel configuration
priority-list Build a priority list
privilege Command
privilege parameters
queue-list Build
a custom queue list
radius-server Modify Radius query parameters
router Enable
a routing process
secure Secure
image and configuration archival commands
security Infra
Security CLIs
service Modify
use of network based services
snmp-server Modify
SNMP engine parameters
spanning-tree Spanning Tree Subsystem
tacacs-server Modify TACACS query parameters
username Establish
User Name Authentication
vpdn Virtual
Private Dialup Network
vpdn-group VPDN
group configuration
බැලු බැල්මට පේනවනේ දාන්න තියන සෙල්ලම් වැඩි
කියලා නේද මේවා
පොඩ්ඩක් පැකට් tracer එකේ ගහල බලන්න කෙල උනත් කමක් නැනේ
ඒ වගේම තමා මේ එකින් එකට ආව වගේම පහල එකට යන්න
ඕනි නම් කරන්න තියෙන්නේ exit කියල type කරන එක
Router(config)#exit
Router#
ඔන්න ඔහොම තමා වෙන්නේ
ඊළඟට අපි බලමු මොනවද Specific Configuration Modes කියන්නේ කියලා
මේකෙදි වෙන්නේ අපේ රවුටරේ හරි switch එකේ හරි තියන
interface එකකට හරි line එකකට ගිහින් configure කරන්න තමා මේකෙදි වෙන්නේ ඔය line
කිව්වේ කලින් කිව්වේ console එතකොට aux අන්න ඒවාට ඈ
එතකොට interface කිව්වේ ඔකේ තියනවනේ එක එක පොර්ට් අන්න ඒවා ඒ කියන්නේ GigabitEthernet
ද fastEthernet
serial වගේ ඒවාට ඒ මොනාද කියන්න ඔයාලා දැනටමත් දන්නවනේ
ඔයාලාට මන් පොඩි උදව්වක් කරන්නම් ඒ තමා ? එක මේක
ඕනි තැනක ගහන්න දෙයියෙක් වගේ උදව් කරනවා මේ බලන්නකෝ
Router#ping ?
WORD Ping destination address or
hostname
ip IP echo
ipv6 IPv6 echo
<cr>
දැක්කද වැඩේ
? එක ගහපු ගමන් ඊළඟට කරන්න තියන ඒවා තමා ඔය වැටෙන්නේ පහලින්
ඊළඟට කියන්න හදන්නේ Hot keys and Shortcuts ගැනයි
- Down Arrow - Allows the user to scroll forward through former commands
- Up Arrow - Allows the user to scroll backward through former commands
- Tab - Completes the remainder of a partially typed command or keyword
- Ctrl-A - Moves to the beginning of the line
- Ctrl-E - Moves to the end of the line
- Ctrl-R - Redisplays a line
- Ctrl-Z - Exits the configuration mode and returns to user EXEC
- Ctrl-C - Exits the configuration mode or aborts the current command
- Ctrl-Shift-6 - Allows the user to interrupt an IOS process such as ping or traceroute
ඔන්න අපි දැන් වැඩට බහින්නයි හදන්නේ මුලින් ම අපි බලමු basic configuration ටිකක්
එකට ඉස්සෙල්ලා
ම අපි රවුටරේ නම වෙනස් කරමු මේකෙදි මතක තියාගන්න ඕනි නම එක කෑල්ලක් වෙන්න ඕනි උදාහරණයක්
විදිහට Manusha R1 කියල type කරන්න බෑ එත් මෙහෙම පුළුවන් Manusha_R1 කියලා
ඔන්න එහෙනම්
පටන් ගන්නයි හදන්නේ
Router>
Router>en
Router#
Router#configure terminal
Enter configuration commands, one
per line. End with CNTL/Z.
Router(config)#
Router(config)#hostname Manuusha_R1
Manuusha_R1(config)#
Manuusha_R1(config)#
කොහොමද වැඩේ
දැන් මට
හිතෙනවා නම නිකන් අවුල් අවුල් වගේ කියලා කොහොමද මන් නැති කරන්නේ එක
මෙන්න මෙහෙම
Router>
Router>enable
Router#
Router#configure terminal
Enter configuration commands, one
per line. End with CNTL/Z.
Router(config)#
Router(config)#hostname Manuusha_R1
Manuusha_R1(config)#
Manuusha_R1(config)#no hostname
Router(config)#
දැක්කද වැඩේ
ඊළඟට අපි password එකක් දාමු
හැබැයි
මෙතැන password දාන්න පුළුවන් තැන් ගොඩක් තියනවා ඈ
- Enable password - Limits access to the privileged EXEC mode
- Enable secret - Encrypted, limits access to the privileged EXEC mode
- Console password - Limits device access using the console connection
- VTY password - Limits device access over Telnet
අපි බලමු
දාන විදිහ
Router(config)#enable password cisco
දැන් ඕක
දැම්මනේ අපි ඕක එන්නේ කොහෙද කියල බලමු ඊළඟට
Router>
Router>enable
Password:
Router#
අන්න දැක්කද
මේකෙන් වෙන්නේ privileged EXEC mod එකට යන්න password එකක් දාන එක
ඉතින් මේ
විදිහට අනිත් ඒවටත් password දාල ආරක්ෂාව සපයන්න පුළුවන් ඈ
line console එකට දාන විදිහ
Manusha(config)# line console 0
Manusha(config-line)# password
cisco
Manusha(config-line)# login
මේක වැදගත් වෙන්නේ console එකෙන් log වෙනකොට
line vty
එකට දාන විදිහ
Manusha(config)# line vty 0 15
Manusha(config-line)# password
cisco
Manusha(config-line)# login
මේක වැදගත් වෙන්නේ ටෙල්නෙට් log වෙනකොට
ඔයාල මේ දැම්ම වගේම Aux
පොර්ට් එකට password දාන්න පුරුදුවෙන්නත් එක්කම
දැන් බලමු encrypt password එකක් දාන විදිහ
Manusha(config)# enable secret classමේක දැම්මේ නැත්තම් Router#show running-config ගහපු ගමන් ඕනි කෙනෙක්ට password එක බලාගන්න පුළුවන් වෙන නිසා
දැන් අපි රවුටරේ ට බැනර් එකක් දාමු
Manusha(config)# banner motd # ඔයාලට දාන්න ඕනි පණිවිඩේ #හරි අපි දැන් මුලික වැඩ කරානේ දැන් ඒ ඔක්කොම save කරන්නේ කොහොමද කියල බලමු
Router#copy running-config
startup-config
Destination filename
[startup-config]?
Building configuration...
[OK]
Router#ඔන්න ඒ වැඩෙත් ගොඩ දැන් reload පාරක් දීලා බලන්න මේ විදිහට වැඩේ කොහොමද කියලා
Router#reload
Proceed with reload? [confirm]
මට නිකන් ඕක ඕනි නෑ නෑ වගේ නම් erase කරන්න මේ විදිහට කරන්න
Router#erase startup-config
Erasing the nvram filesystem will
remove all configuration files! Continue? [confirm]
[OK]
Erase of nvram: complete
%SYS-7-NV_BLOCK_INIT: Initialized
the geometry of nvram
Router#
ඊටපස්සේ reload පාරක්
දීලා බලන්න
මන් හිතනවා මේ පාඩමේ පොඩි ip කෑල්ලක් තියනවා ඒක
දැන්ම ඕනි නෑ පසුවට හොදට සවිස්තරාත්මකව කියන්න එහෙනම් හමුවෙමු තුන්වන පාඩමෙන්








Good luck mcn puliwannam wifi router ekak hadaganna vidiya kiyala diyahanko mcn
ReplyDeletetnx mchn poddak pahadili karanna lap eken wifi router ekak hadaganna widihada nattm atta wifi router ekak setup karana widihada
DeleteNiyamai mchan, keep it up..
ReplyDeleteGreat & Super Work Bro !! :D
ReplyDeleteThank U Very Much Bro !! :D :D